Skip to content

Lyrics

සිංහල
ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා යළි ඔබ සවනේ නොරැඳී නොගැටී සුළඟේ මිලින වුණාවේ දවනු දැනේ සිසි කිරණ පවා සිසිල නොදේ මඳ පවන පවා ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ ඔහුගේ නම රැඳුණාවේ ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා... සුවඳ දැනේ ඔබෙ උදය හවා කඳුළු නැගේ නෙත රැයද දිවා ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ ඔහුගේ නම රැඳුණාවේ ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා යළි ඔබ සවනේ නොරැඳී නොගැටී සුළඟේ මිලින වුණාවේ සුළඟේ මිලින වුණාවේ /

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs