Skip to content

Lyrics

සිංහල
නිදිබර සිතුවිලි පුබුදාලා පිනිදිය ගඟුලෙහි නහවාලා අරුමැසි විසිතුරු පවසාලා සුමියුරු සත්සර නංවාලා...... (පියමැන ආ මග මුතු අතුරා සිහින් රුවන් සොමි කැන් පතුරා.... ) සුරත ගෙන ඇදී පැමිණි ගමනෙදී එමට මල් පිපී නොබැලුවෙමි එබී...... නිදිබර සිතුවිලි...... (පිවිතුරු මා හද ඔබට පුදා පායන තුරු පසු දින දිනිදා.... ) ගෙවූ මැදියමේ තවම උණුසුමේ ඔබට අමතකයි මට තව මතකයි...... නිදිබර සිතුවිලි.......

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs