Skip to content

Lyrics

සිංහල
මදු මල ලෙස මෘදු මාගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි අපමන සිතුවිලි බිහිවි තෙරපිලි එකිනෙක පැටලෙන්නේ කොහොම පටන්ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැමදේ පරෙවි රැජිනියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි.. මදු මල ලෙස මාගේ මෘදු ප්‍රියාදර මිහිරාවිය වෙතටයි ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි හිත ගොලු වෙනවා අත වෙව්ලනවා හදවත ගැස්සෙනවා ලිපියෙහි කොලයට මුහුන යොමන කොට නෙත් දෙක පියවෙනවා කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ පරෙවි රජිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරෙයි..

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs