Skip to content

Lyrics

සිංහල
කෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියලා මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත ඔබ වැරදිය කියලා ලොව මට එරෙහිව දොස් පවරනු ඇත මා වැරදිය කියලා කෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියලා මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා සෙනෙහස බිඳුනද මේ අවමානෙන් ගැලවිය යුතු හින්දා මවිසින් ඔබ අත්හළෙමි යි පවසමි ලොවටම ඇසෙන නියා කෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියලා මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs