Skip to content

Lyrics

සිංහල
මී විත පුරවා සුර ළඳුනේ රස බැළුවා සිත ඇතුළේ ගිණි දැල් නම් නිවී ගියේ නෑ ඒ සුව යහනේ මද පවනේ අතීතයේ සොඳුරු පැතුම් මිහිරි හැඟුම් මැකී ගියේ නෑ හිරුට හොරෙන් සඳුට හොරෙන් හිරුට හොරෙන් සඳුට හොරෙන් තනි වී දෙන්නා ලොව පිබිදී ඇති විටදී සැඟවී උන්නා මුව කොනකින් සිනහ වෙලා ගොළු වී උන්නා මී විත පුරවා සුර ළඳුනේ රස බැළුවා සිත ඇතුළේ ගිණි දැල් නම් නිවී ගියේ නෑ හිතට හොරෙන් තෙනට හොරෙන් හිතට හොරෙන් තෙනට හොරෙන් කතා කළේ නෑ ඔබට හොරා තව කෙනෙකුට සිනාසුනේ නෑ අතීතයේ මිහිරි හැඟුම් මැකී ගියේ නෑ මී විත පුරවා සුර ළඳුනේ රස බැළුවා සිත ඇතුළේ ගිණි දැල් නම් නිවී ගියේ නෑ ඒ සුව යහනේ මද පවනේ අතීතයේ සොඳුරු පැතුම් මිහිරි හැඟුම් මැකී ගියේ නෑ

More by Mervin Mihindukula

View all songs by Mervin Mihindukula →

Similar Songs