Skip to content

Lyrics

සිංහල
සෝබන වන්ද්‍රා නැග එනවා - චන්දාවෝ සිහිවෙනවා සුමිහිරි කන්කළු ගීත ගයා - ප්‍රේම හැඟුම් මුදු වදන් කියා මා නැළවූ සුකුදාලනියේ - මා හැරදා ඔබ ඇයිද ගියේ සිහි කර ඔබෙ ගුණ වැලපෙමි මා - නෑ සැනසුම් ඔබ අතැර දමා අඳුරු වළා සඳ මත පාවී - සොභාව සඳුගේ ඇයි අඩුවී කුමුදු විලේ මා හෘද කුලේ - සඳ නැති දා එහි මල් නොදිළේ ආදර සුකුමාල චන්දනියේ - ඇයි මේ ලෙස අප වෙන්ව ගියේ දිළිසේ ඔබ රුව සඳ මඬලේ - සෝ ගිනි දැල් මා හද ඇවිලේ වරෙක එසේ තුටු සයුරෙ ගිලී - ඔබ නැති මා අද අඳුරෙ ගිලී පෙර ලෙස මා වෙත ආලය පා - නාවනු මැන සඳ කැල්මෙන මා

More by Kanthi Wakwella

View all songs by Kanthi Wakwella →

Similar Songs