Skip to content

Sheela (Balu Balu Hamathanama)

Jayasri Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
(ශීලා මේ ගීතයෙන්වත් දැනගන්න මගේ හදවතේ දුක... ) බැලු බැලු හැමතැනම සිහිනෙන් වාගේ.. සැඟවුනු සේයාවන් මදෙසේ ඇඳේ.. සුළඟේ පාවී.. මගෙ ගී යාවී.. ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මාගේ.. මා හට සැරවීලා (ඇයි..) කොහෙදෝ යන්නේ මෙසේ.. සිත රිදවන්න එපා.. හද බැඳි ආදරේ.. තනිවීලා (ඇයි..) මා ඉන්නේ කෙසේ.. ඒවීදෝ මාගේ කුමාරී... ලොවම නැවතිලා නිහඬයි වාගේ.. තනිකම පාළුව දැවටී හදේ.. දුරකථනයකින් ඔබ අමතාවී.. සිතමින් ඉන්නෙමි තනි ලෝකයේ.. මා හට සැරවීලා (ඇයි..) කොහෙදෝ යන්නේ මෙසේ.. සිත රිදවන්න එපා හද බැඳි ආදරේ.. තනිවීලා (ඇයි..) මා ඉන්නේ කෙසේ.. ඒවීදෝ මාගේ කුමාරී... ( තනිවූ යහනට එනවිට.. තවමත් ඔබේ සුවඳ දැනේ මට.. සිහිනෙන් ඔබේ රුව දැකගන්නවත්.. වරම් ලැබේද මට.. ) ඔබෙ ලස්සන ඇස්දෙක වෙනෙකෙකු හට ලැදි වෙන්න එපා.. ඒවීදෝ.. ඒවීදෝ.. ඒවීදෝ.. මාගේ කුමාරී... මා හට සැරවීලා (ඇයි..) කොහෙදෝ යන්නේ මෙසේ.. සිත රිදවන්න එපා හද බැඳි ආදරේ.. තනිවීලා (ඇයි..) මා ඉන්නේ කෙසේ.. ඒවීදෝ මාගේ කුමාරී... ශීලා ශීලා හේ.. ශීලා ශීලා හෝ.. (ඔබ යලි ඒවීදෝ) ශීලා ශීලා හේ.. ශීලා ශීලා හෝ.. ඕ.. ඕ.. ඕ.. ශීලා ශීලා හේ.. ශීලා ශීලා හෝ.. (මා සැමදා තනිවේදෝ) ශීලා ශීලා හේ.. ශීලා ශීලා හෝ.. ඒවීදෝ මාගේ කුමාරී...

More by Jayasri

View all songs by Jayasri →

Similar Songs