Skip to content

Lyrics

සිංහල
සල්ලි පොකුරු මිල්ලේ අහුරු සිහින විලේ බඹර රැගුම් පානා පුංචි රටක පුංචි අපිට සිහින සැබෑ වෙන්න වරම් ඕනා සතුටු කඳුළු වැස්ස මතින් මුතුකුඩ ඉහලන්න අපිට ඕනා හිතේ සවිය ග‍තේ විරිය අපිට ඇතිම එකම හිරිය වීලා මුහුදු මැද්දේ රළ රැල්ලේ පොර බදලා අපි ආවා නාග විමන් මකර කටින් රිංගාලා අපි ආවා රස්සාවට නගින උදේ මචෝ කියලයි පිලිගන්නේ කම්හල නැග බහින තුරා අපේ දාඩිය තමයි සුවඳ දෙන්නේ තියන විටදි අත දිග හැර මිල්ලේ අහුරු සුළඟ වගේ යන්නේ කඩිසර කම තිබෙන තුරා අපේ දවස කළ එළි වී එන්නේ හද කොහෙදෝ ගිහිල්ලා දෝ හීන් සැරේ මඟ ඇරලා අපි දන්නා හඳ මාමේ අපි නම් නෑ පැරදීලා කටු වටකර තිබුණත් අපි අතින් කරින් වස්තු අරන් එන්නේ එහෙම ඇවිත් ගමේදි මේ සේසත දවසින් වියදම් වෙන්නේ ආපු ගමන් ආයෙත් යං මිල්ලෙ සොයන් අපි එනවා අද යනවා හෙට එනවා එහා මෙහා ඔහෙ යනවා අද යනවා හෙට එනවා එහා මෙහා ඔහෙ යනවා

More by Jayasri

View all songs by Jayasri →

Similar Songs