Skip to content

Lyrics

සිංහල
වැටුනු වැහි බිඳු නොවෙද දොල වුනේ පොහොට්ටුව නොවෙද පිපි මල උනේ පොඩි පැලය නොවෙද මහ ගස උනේ පුතේ නුඹ කවදාද මට වඩා උස උනේ නිදන ඇඳ දැන් ඇත්තමට නුඹට පොඩි තමයි අඳින කමිසය ඇගට හොදටම හිර තමයි මගේ සපත්තුව පයට හරියටම හරි තමයි මටම මහ පුදුමයක් පුතේ නුඹ මම තමයි නුඹේ ඇස් මට වඩා බොහෝ දුර දකිනවා මට වඩා හැම දේම නුඹ හොදින් අහනවා හොදටෝම හොද පුතෙක් මං නුඹෙන් දකිනවා මාත් මහ පින්කමක් කල බවක් දැනෙනවා වැටුනු වැහි බිඳු ....

More by Janaka Wickramasinghe

View all songs by Janaka Wickramasinghe →

Similar Songs