Skip to content

Lyrics

සිංහල
ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා තව මතකයි පැළඳුව හැටි මාල ගොතාලා පොරොන්දු වුණ හැටි මතකද ඔබ දිවුරාලා නැතිවද තව රත්තරනින් මාලෙ සදාලා ... සිහින මවමි ඔබෙ අත ගෙන ඉන්නට සැනසිල්ලේ දෑඟිලි ගැණ ගැණ ඉඳිනෙමි මම තව විමසිල්ලේ සුභ නැකතක් පැමිණෙන තුරු සිටියද ඉවසිල්ලේ හැඩ බලන්න ආසයි ඔබ පළඳන රන් තැල්ලේ ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා .../ සිංහල කුල සිරිත ලෙසට මම ඔබෙ අත ගන්නම් දුක සැප දෙක එක විලසට සමව බෙදා ගන්නම් රජ මැදුරක නැති සැනසුම පැළ තුළ සළසන්නම් ඔබ රජෙකුට සමව සිතා පැළ තුළ ළඟ ඉන්නම් ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා ...

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs