Skip to content

Lyrics

සිංහල
නෙත් යුග රන් තරු යුවළ තමයි තොල් පෙති නාදළු වලට සමයි මගෙ හද ඔබෙ සුව යහන තමයි ඔබ සොයනා කළු කෙල්ල මමයි ඔබ සොයනා කළු කෙල්ල මමයි අඳුරින් බර වැලි කතරෙ පවා ආලෝකය දෙමි උදය හවා ගිමනට සීතල සෙවණ මවා දිය දහරක් වෙමි පවස නිවා දිය දහරක් වෙමි පවස නිවා නෙත් යුග රන් තරු යුවළ තමයි.../ රළ ලෙස ජීවන දිය දහරේ අත ගෙන එමි ඔබ යන පාරේ සුපුරුදු ගතිගුණ නොම නෑරේ දුක හෝ සැප විඳගමු මිහිරේ දුක හෝ සැප විඳගමු මිහිරේ නෙත් යුග රන් තරු යුවළ තමයි .../

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs