Skip to content

Lyrics

සිංහල
පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා වල් කොළ කොටා දියේ මුසුකර තේ හදා පොවා සැලැකූ ළමා වියේ සැලැකිලි නොමැත මගහැරී මට ආදරෙයි කියන්නකො මුවගින් අමා පිරී ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා සීත සඳ නැඟෙයි පෙරඹර කවුළු දොර අයා ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා හමුවුණි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරි ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී පාළුව ලැගුම් ගනී හද තුළ පතුල එරි එරී මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

More by Henry Kaldera

Oba Pawa Hasaralla

Henry Kaldera

Sindu

ඔබ පෑව හසරැල්ල මට තේරුණා ඒ රන් සිනා රැල්ලෙ රස බේරුණා සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා...

Thara Patiya (Thath Thath Thath Thara Patiya)

Henry Kaldera

Sindu

තත් තත් තත් තාර පැටියා තාත්තා ගෙනා තාර පැටියා පුතා මගේ තාර පැටියා තාත්ති අතේ දොය...

Sahayata Bawa Saharawe

Henry Kaldera

Sindu

සහයට බව සහරාවේ ඔබ පමණි ප්‍රියේ සහකාරි එන්න හොඳේ අත නෑවී...... මින්පෙර අප එක සෙවණ...

Pemin Bendennai

Henry Kaldera

Sindu

පෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයි මෙයින් මතූ කරන්නෙ නෑ ආරාධනා ළඟින් ඉඳින්නයි නි...

Nahawa Rasa Kiri

Henry Kaldera

Sindu

නහවා රස කිරි පොවා දීලා මුතු වැනි ඔවා අද මා ලොව මිනිසකු කල නලවා උකුලෙහි තියා ඒ නො...

Midule Sudu Weli Thalaye

Henry Kaldera

Sindu

(මිදුලේ සුදු වැලි තලයේ මිරිවැඩි සඟලක සලකුණු... ) දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ...

View all songs by Henry Kaldera →

Similar Songs