Skip to content

Lyrics

සිංහල
පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා එහෙම කලත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැතිනං හදල කියනවා ගමරාළාගෙ එළ හරකෙක් හොරකම් කල හරක් හොරෙක් දුටු ගමයා කෑ ගැසුවා ඈ කවුද කවුද කවුද මිනිහෝ මගෙ හරක අරං යන්නෙ ඔහේගෙනං ඔහේ ගන්න හොඳ නෑ නොවැ දොස් කියන්න අනෙ මගෙ කට හරකෙක් කොහෙද මා ළඟ කඹයනෙ අල්ලං ඉන්නේ කිතුලක රා බොන්න හිතී මිනිහෙක් කිතුලකට නැගී අයිතිකරුට අසුවූවා ඕයි කවුද ඩෝ ගස් බඩගාන්නෙ පාන්දර ජාමෙ තණකොල ඩිංගක් කපන්න හිතුණා ගහ උඩට යන්න තණකොල? ගහ මුදුණෙ? ඒක තමයි තණකොල නෑ ගහ මුදුණේ අනේ ඒකයි බිමට බහින්නේ මරණව මම තඩි බළලා වෙරි වූ මීයෙක් කියලා බළලාහට මෙය ඇහිලා ඈ මාව මරන්න තෝ? කාපු බීපු වේලාවට පුංචි විහිළුවක් කෙරුවට විහිළු? හොඳ විහිළු රාළහාමිලා වගේ අය ගණන්ගන්නෙ ඇයිද සුළු දෙය

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...