Skip to content

Level Ekata Pass Wenna (Gange Paninawa)

Gypsies Baila 1980s - 1990s Romantic

Lyrics

සිංහල
ලෙවල් එකට පාස් වෙන්න ඔක්කොම සම්මාන ගන්න රුපියල් පන්සීයක යන්තරයක් දැම්මේ ඒකේ ප්‍රතිඵල ආවා මගෙ හදවත දුක ගාවා වැඩ පහකින් පහම ෆේල් වෙලා අන්තිමේ උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන් උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන් යන්තරකරු ගියෙ බලන්න උනේ කුමක්දැයි අහන්න මිනිහ දීපු උත්තරයට මට තරු පෙනුනා මම කිල්ලට අහු වෙලාලු යන්තරේ බල නැති වෙලාලු ණයට ගත්ත 500ත් මෙමට නැතිඋනා මම නම් ගඟේ පනිනවා වතුර බීල මැරෙනවා හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා රේල්ලට බෙල්ල තියනවා ජීවිතේ එපා කියනවා හුටා කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා කඳු නැගලා කඳු බැහැලා මාස ගණන් දුක් විඳලා මහ සයිකල් රේස් එකට පුරුදු උනා මන් මගේ ෆුල්ඩම් එක දමලා ගත්තා වංගුව කපලා අඹ ලෙල්ලක ලිස්සල මං ගියානේ ගුවනින් උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන් උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන් හිටි අය මගේ පිටිපස්සෙන් මා පසුකර යයි වේගෙන් දණිපණි ගා නැගිටල මම ආයෙත් පැද්දේ හති දාගෙන පැද්දත් මං අන්තිමේදී තද වෙහෙසින් දිනුම් කනුව ළඟට ආවේ හූ හඬ මැද්දේ මම නම් ගඟේ පනිනවා ජලය බීල මැරෙනවා හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා රේල්ලට බෙල්ල තියනවා ලයිෆ් එක එපා කියනවා හුටා කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා චිත්තරපටි ඩිරෙක්ටර්ගෙ බැල මෙහෙවර සේවෙ කරල සිනමාවට ඇන්ටර් උනේ අතින් ගෙවල මං ප්‍රඩියුසර්ට වැඳල පුදල කැමරමන්ට සපොර්ට් කොරල ඇට් කොරන්ඩ ලැබුනේ එකම සීන් එකයි බන් උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන් උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන්... මංගල දර්ශනේ බලන්න මගෙ මිතුරන් වටකරගෙන සිංහ රජෙක් ලෙසට හෝල් එකට ගියේ මං. හිටපු එකම සීන් එකත් එඩිටර් මල්ලිගෙ කතුරට බෙල්ල කැපුනා වගේ කැපිල වැඩක් නෑනේ දැන් මම නම් ගඟේ පනිනවා වතුර බීල මැරෙනවා හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා රේල්ලට බෙල්ල තියනවා ජීවිතේ එපා කියනවා කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා මම නම් ගඟේ පනිනවා වතුර බීල මැරෙනවා හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා රේල්ලට බෙල්ල තියනවා ජීවිතේ එපා කියනවා කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා... කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා... කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා...

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs