Skip to content

Lyrics

සිංහල
කොයි කවුරුත් බලේ ගන්න පොර කන්නේ ඇයි බලේ අරන් මොලේ නැතුව වැඩේ කන්නේ ඇයි වැඩේ කලා රටත් කලා බලන් ඉන්නේ ඇයි ලංකාවේ ඔහොම තමයි දිනපුවම මෝරාවගේ මහත් වෙන්නේ ඇයි පෙරදුනාම හුනා වගේ කෙට්ටු වෙන්නේ ඇයි හුනා මෝරා වෙලා මෝරා හූනා වෙන්නේ ඇයි මැතිඇමතිලා ඕව දන්නේ I dont know why එහෙම වෙන්නේ ඇයි එහෙම වෙන්නේ ඇයි මැතිඇමතිලා ඕව දන්නේ I dont know ඇති එකාට දෙයියෝ පැන පැන දෙන්නේ ඇයි නැති එකාට දෙයියෝ මුකුත් දෙන්නේ නැත්තේ ඇයි පෙර කල පවු පිං අනුවලු එහෙම වෙන්නේ ඇයි දෙයියෝ තමයි ඕව දන්නේ I dont know why හිතු මතේ බෙදපු එවුන් සොමියේ ඉන්නේ ඇයි නැකත බලලා කරපු මගුල් කැඩිලා යන්නේ ඇයි ග්‍රහයෝ නීච වෙලා වත්ද එහෙම වෙන්නේ ඇයි ග්‍රහයෝ තමයි ඕව දන්නේ I dont know why එහෙම වෙන්නේ ඇයි එහෙම වෙන්නේ ඇයි ග්‍රහයෝ තමි ඕව දන්නේ I dont know why ඉඩම් කඩම් උකස් තියල ඉගෙන ගන්නේ ඇයි ඉගෙන ගත්ත වෙඋන් පාරේ හිඟා කන්නේ ඇයි අනේ නූගත් අය ලොකු පුටු වල රජ කරන්නේ ඇයි ලංකාවේ ඔහොම තමයි I dont know why සතුට සොයා පොඩි guest house වලට ගියේ ඇයි ඒ ගියාම පොලිසියෙන් රේප් කෙරුවේ ඇයි 5 stars හොටෙල් වලට පැනින් නැත්තේ පොලිස් ලොක්කෝ ඕව දන්නේ I don't know why එහෙම වෙන්නේ ඇයි එහෙම වෙන්නේ ඇයි පොලිස් ලොක්කෝ ඕව දන්නේ I dont know why එකෙක් එක්ක දීග කන්න කියල කිවුවේ ඇයි අපේ රජ ගොල්ලෝ අන්තක්පුර දමන් හිටියේ ඇයි අනේ ඒ විදියට දැන් කොරන්න දෙන්නේ නැතේ ඇයි ඒ කාලෙනේ ඉන්න තිබ්බේ I don't know why ඉදල හිටලා පොඩි අඩියක් ගහන් නැත්තේ ඇයි බීල බීල තව සමහරු සත්තු වෙන්නේ ඇයි ගානට අරගෙන මං වගේ ඉන්නේ නැත්තේ ඇයි මටත් ටිකක් වැඩිද මන්ද I don't know why එහෙම වෙන්නේ ඇයි එහෙම වෙන්නේ ඇයි මටත් ටිකක් වදිදීද I dont know why බුදුන් වහන්සේ සාමයේ අගය කිවුවේ ඇයි ජේසු තුමා සැමට ප්‍රේම කරමු කිවුවේ ඇයි අනේ ඒ කියලත් අපේ එවුන් මාර ගන්නේ ඇයි යහ ගුණ ධම් පිරිහිලාද මිනිසුන් වල්මත් වෙලාද අද දෙවියන් අමතක වෙලාද එහෙම වෙන්නේ අයී.......I dont know why

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...