Skip to content

Lyrics

සිංහල
සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ මේ අදුරින් මිදීලා ඉගිලීයන් කුරුල්ලලෝ සතුට පතා හිතා මතා කියමි ගොතා නියම කතා හොදම කතා විනෝදයට ඕන් අසාගන්නකෝ කුරුලෙකු සිර කරලා තබනු බැහැ නොවැ කිසිදා ඌ ලොවේ සුව සොයා ඉගිලුනේ සැනසීමෙන් ඉදලා මැරුනත් කම්නැහැ කියලා ඒ මිහිර සුව විදින්න සොඳුරු නැවුම් ලොවට යන්න සතුටින් පියාඹන්න රූං කියා නිදහසේ සතුට පතා හිතා මතා කියමි ගොතා නියම කතා හොදම කතා විනෝදයට ඕන් අසාගන්නකෝ සිත සවියෙන් පුරවා සිටිනා අය ජය ලබලා මේ ලොවේ සුව විදී සැම දිනේ ඇයි සෝකෙන් තැවිලා මොකටද ඉන්නේ හඬලා මේ දොරගුළු බිදින්න පැතූ පැතුම් සඵල වෙන්න සතුටින් පියාඹන්න රූං කියා නිදහසේ සතුට පතා හිතා මතා කියමි ගොතා නියම කතා හොදම කතා විනෝදයට ඕන් අසාගන්නකෝ

More by Greshan Ananda

View all songs by Greshan Ananda →

Similar Songs