Skip to content

Lyrics

සිංහල
වේදනාවේ කඳුළු බිංදුව නෙත් අඟින් වැටුනා ජීවිතේ පැතු අමිල සෙනෙහස අඳුරෙ සැඟවුනා ඔබෙ සිනහව මගේ ලෝකය කිමද වෙන් කලේ කිමද හැර ගියේ වේදනාවේ කඳුළු බිංදුව නෙත් අඟින් වැටුනා අපේ හදවත් තැනූ ලෝකයෙ සිහින බොඳ වුනා නෙතට එලියක් දුන්නු ඔබ මට අඳුරෙ සැඟව ගියා ඔබේ ලෝකය තනා දෙන්නට ඔබෙන් වෙන්වුනා ඔබෙන් වෙන්වුනා ඔබෙන් වෙන්වුනා වේදනාවේ කඳුළු බිංදුව .... මගේ ජීවයෙ පියුම වූ ඔබ දෙගුරුන් වෙන්කලා ඔබ නොමැති මේ මගේ ජීවය මළ රුවක් වැනේ මගේ ගීතයෙ තනුව වී ඔබ අඳුරෙ සැඟවුනා අඳුරෙ සැඟව ගියා .... අඳුරෙ සැඟව ගියා වේදනාවේ කඳුළු බිංදුව ....

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs