Skip to content

Lyrics

සිංහල
සොරබොර වැව රන් දියවර බහින ඉරට පෙම් බැඳගෙන ලෙන්ගතුකම වාන් දමනවා නිල් මානෙල් කැකුලිය නුඹ වෑකණ්ඩියේ උන්නා මම මතකද මම වැදි කුමාරයා..... සිංහල රජ කුමාරවරු රෑන් පිටින් වැව අද්දර නුඹ නෙලන්න දියට බහිනවා දිය ගැඹුරුයි කියාපන් මඩ බොහෝමැයි කියාපන් ඔහොම බලා ඉද්දි හිත පුකුරු ගහනවා..... සොරබොර වැව රන් දියවර....... දඹ රන් ගෑ අරුමෝසම් හැඩ පිත්තල පාකුඩම් අව්වට ඇස් නිලා කරනවා දුනු දිය අහසට විදින්න වටු රෑනට හී විදින්න වාන් දමන හිත යට දිය සුලි කැරකෙනවා..... සොරබොර වැව රන් දියවර.......

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs