Skip to content

Lyrics

සිංහල
සිතේ පෙම් පුරා මෙතරම් මොටද මහමෙරක් බරනම් මමත් මග බලා ඉන්නම් එනතුරා මෙහේ පෑල දොරින් හෝ එයි නම් භාර ගනිමි රන්කඳ දැන් මන්ද බාං නුඹේ ගොරහැඩි ආලවන්තකම් කොයි තරම් අනේ සොඳුරුද ප්‍රේමවන්තකම් පැලේ දැල්වෙනා පහනක් මෙන් සිනාසුණේ ඔබේ රුව තමයි තිබුණේ ලංවෙලා හදේ දුරින් හිද බලා ඉන්නා දුරින් පෙනෙන රූ රහසින් මන්ද බාං නුඹේ ගොරහැඩි ආලවන්තකම් කොයි තරම් අනේ සොඳුරුද ප්‍රේමවන්තකම් හිදියි මං මොනා කීව්වත් දන්නෙ නෑ වගේ කතා බහ ගොළුයි නුඹගේ ඉන්න බෑ වගේ බලෙන් හරි ලබා ගන්නම් සිහින් ඉග වනා තරහින් මන්ද බාං නුඹේ ගොරහැඩි ආලවන්තකම් කොයි තරම් අනේ සොඳුරුද ප්‍රේමවන්තකම් සිතේ පෙම් පුරා ....

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs