Skip to content

Lyrics

සිංහල
නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල මහවන්නියෙ විරල බවයි විටකදි හද මඬල කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල……. ගාලු කොටුවේ බැම්ම වගේ රැකවරනය දුන්නා උණවටුනේ වෙරළ වගේ සුන්දර බව මැව්වා හුම්මානේ වතුර වගේ දුන් සෙනෙහස ගත්තා කතරගමේ දෙවිදුන් හට මගෙ දුක මම කිව්වා…… නුවරඑළියෙ සිසිල් බවයි... මහවැලි ගඟ බෙදුවා වගේ ඔබ මා වෙන්කෙරුවා දුන්හිඳ දිය ඇල්ල වගේ මගෙ සිත ඇද වැටුනා හුන්නස්ගිරි කන්ද වගේ හුදකලාවේ උන්නා ඉසුරුමුණියේ පෙම් යුවලට මගෙ දුක මම කිව්වා...... නුවරඑළියෙ සිසිල් බවයි...

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs