Skip to content

Lyrics

සිංහල
කිරිල්ලියක් හැඩ වෙනවා කන්නාඩිය ගාව කුරුළු හඬක් සැරින් සැරේ තාර පාර ගාව වරෙන් කියා නොකීවාට සැරින් සැරේ විසිල් ඇසෙනවා (කිරිල්ලි මහා කලබලයක් කන්නාඩිය ගාව... ) කුරුල්ලන්ට තහනම් නෑ ඉගිල්ලෙන්න ආකාසේ අත් තටු සිඳ ගන්න හදයි කිරිල්ලියක් හොර රහසේ වසන්ත මල් හිනා උනා විතරයි මේ ගේ ඇතුලේ කුරුල්ලො ගේ වට කරගෙන කලබල කරනා විගසේ කිරිල්ලියක් හැඩ වෙනවා...... අනන්තයක් සොයන පැතුම් අතරමගදි බිම වැටේවි වසන්තයට ඇසෙන ගීත නුඹේ සිතේ නතර වේවි දුරින් ඉඳන් විසිල් ගගහ පින්නි නැතිව පේවි පේවි නුඹ හොඳ නම් ගෙදර ඇවිත් අහන්න කියලා කියාවි කිරිල්ලියක් හැඩ වෙනවා......

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs