Skip to content

Lyrics

සිංහල
මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා නැතිදෝ මට හිමි ඒ ළඳ තවමත් ඉපදීලා මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා මා හට දැණෙනා ඒ ආදරයේ හැඟුමන් ඇයි ඔබ හට නොදැණුනෙ හැඟුමක ඒ උණුසුම් කොහොමද ඔබ සිතුවේ ආදරෙ මට දුරයැයි මෙමටත් දැණෙනව ආදරෙ තියෙනා සුන්දරකම් මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා... මිතුරන් අතරේ මා අද තනිවී සිටියත් ඔබගේ මතකය මට කරනා ඒ ඔච්චම් කාටත් නොදැනී හැඟුමක සිරවී තනියෙන් රහසින් ගලනා කඳුලක ඇති ‍ඒ සුන්දරකම් මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා...

More by Daddy

View all songs by Daddy →

Similar Songs