Skip to content

Lyrics

සිංහල
යන්න යන්න යන්න කෙළි බිම ඔබෙයි ගන්න ගන්න ගන්න එහි ජය ඔබෙයි මේ ඔබේ වාරයයි පන්දුවෙන් ලොවම දිනනා පිති හරඹයෙන් පිටිය සරසනා සූරයෙක් වෙන්නයි එකට බැඳෙමින් එකා වගේ එකා වගේ එකා වගේ එකම අරමුණක් සිතේ නැගේ සිතේ නැගේ සිතේ නැගේ පිත්ත පන්දුවත් අත දරා ජය පරාජයත් ඉවසනා ඔබ පළඳවයි කිරුළු ලක් මව් දිනවලා යන්න යන්න යන්න කෙළි බිම ඔබෙයි ගන්න ගන්න ගන්න එහි ජය ඔබෙයි මේ ඔබේ වාරයයි පන්දුවෙන් ලොවම දිනනා පිති හරඹයෙන් පිටිය සරසනා සූරයෙක් වෙන්නයි දෙපිල බෙදුණත් වෙනස් නොවේ වෙනස් නොවේ වෙනස් නොවේ එකම මවකගේ දරුවො ලෙසේ දරුවො ලෙසේ දරුවො ලෙසේ විනයගරුක බව සුරකිනා අභියෝගය අත් නොහරිනා ඔබ පළඳවයි කිරුළු ලක් මව් දිනවලා දිනවලා යන්න යන්න යන්න කෙළි බිම ඔබෙයි ගන්න ගන්න ගන්න එහි ජය ඔබෙයි මේ ඔබේ වාරයයි පන්දුවෙන් ලොවම දිනනා පිති හරඹයෙන් පිටිය සරසනා සූරයෙක් වෙන්නයි සූරයෙක් වෙන්නයි

More by Daddy

View all songs by Daddy →

Similar Songs