Skip to content

Lyrics

සිංහල
උඩරට කඳුකර සිරියා පරදන රූබර මුහුණ ඔබේ රතැඟිලි දිගු කර මදහස නංවන තේ දළු නෙලන ළඳේ රට පණ ගන්වන ජාතිය සුරකින ජාතික ධනය අපේ අපි ණයගැති වෙමු සුකුමල දෑතට තේ දළු නෙලන ළඳේ උඩරට කඳුකර .... ලියලන දළු වල කරටිය හැමවිට ඔබෙ නෙත් දෙසට නැමේ දනමන පිනවන ඉමිහිරි පානෙකි පිටරට යවන අපේ උඩරට කඳුකර .... සේවයෙ යහපත ලොවටම සලසන කම්කරු ළඳකි ගමේ ලංකා පොළවේ පැලවෙන තේ ගස ඔබෙ දිවි රකිනු ලැබේ උඩරට කඳුකර ....

More by Chithra Somapala

View all songs by Chithra Somapala →

Similar Songs