Skip to content

Lyrics

සිංහල
තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ඔබ රැජිණ වී මා ඔබේ හද රාජයේ රජ වුණා රෑ සිහිනයේ තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ඔබ රජ වෙලා මා ඔබේ හද විජිතයේ රැජිණ වූයෙමි සිහිනයේ සුනීල රජ මල් පොකුණේ ඔයා රැයේ දිය කෙළ නේ පොකුණු තෙරේ මා උන්නා රැයේදී මා දුටු සිහිනේ පුරාණ රන් දෝලාවේ ඔයා නිරිඳු සේ ආවේ මගේ ළගින් ඔබ උන්නා රැයේදී මා දුටු සිහිනේ ත්‍රිශූල තෝමර ඔසවා පෙනේවි සේනා එනවා පෙම් පියසේ හුන් සතුරෝ බියේම මට දිව යනවා උදාර ප්‍රේමය නිම වී ගියාද සිහිනෙන් පිය වී සිහිනෙන් හෝ හැබැහින් හෝ නොයන්න කුමරිය සැග වී

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs