Skip to content

Lyrics

සිංහල
පැතුම් විමානේ කිරුළ දරන්නට සෙනෙහෙ විලේ පිපි පියුම පුදා පෙරුම් පුරාගෙන සෙවනැල්ලක සේ මිටියා මතකයි සසර පුරා පිවිතුරු සෙනෙහස බැතියෙන් පුදනෙමි ජීවිතයට හුරු පැතුම වෙලා කප්සුවහස් කල් පෙරුම් පුරා එමි සෙනෙහෙ පොදක් වී වඩින තුරා සුසුම් කුණාටු සැඩ පහරක් වී ඔබවෙත එන මග මුවා වෙලා රුවන් සඳක් සේ දිදුලන සෙනෙහස කඳුළු වළාවක මුවාවෙලා මග වරදින්නට වැරදී යන්නට නොම දී අඳුරට එළිය වෙලා කඳුළු වළාවෙන් නැගිලා එන්නම් සෙනෙහයේ රන් කදක් වෙලා පැතුම් විමානේ ..... පිවිතුරු සෙනෙහස....

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs