Skip to content

Lyrics

සිංහල
නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ හැබැහින් දකින්න ළංවී හිඳින්න මට සිතුණා මැණිකේ ලා තරු එළියේ පායන සඳ සේ සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න ළං වෙනු මැන පෙර සේ.. නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ.. මේ දිවි ගමන දුරයි සතුටයි නිරන්තරේ රන් මුතු වරුසා වැහැලා මිණි දෙහදේ ලොව කුළු නැගෙන්න අහසේ තරු පෙලගැහෙන්න රහසේ මගෙ හිත හඳුණාගෙන ආවා සුහදේ.. නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ.. විශ්වය මනෝහරයි අපෙ ආදරෙ හැඟුම්බරයි ඉර හඳ දේදුණු දිලෙන්නෙ අපට තමයි සිසිලක් සදන්න දිවියේ ළංවී හිඳින්න සසරේ මගෙ දිවි ගමනේ සෙවණැල්ලත් ඔබමයි.. නිල් මිණි දෙනෙතේ.. නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ හැබැහින් දකින්න ළංවී හිඳින්න මට සිතුණා මැණිකේ ලා තරු එළියේ පායන සඳ සේ.. නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ..

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs