Skip to content

Lyrics

සිංහල
මේ පාළු සීත රාත්‍රියේ.. කියාදෙන්න රහසින්.. ප්‍රේමය නම් කිමැයි කියා... නිදිමත තරුකැට කඩාවැටේ.. ඉඩදී අඳුරට අහස්තලේ... සඳ මල මිලිණව බලා හිදී.. දකිනතුරා අඩ නුවන් අපේ.. සඟවා ළය මත - ඔබෙ වත රහසින් කියාදෙන්න ලංවී..ප්‍රේමය නම් කිමැයි කියා.. මේ පාළු සීත රාත්‍රියේ... ගහකොල නිසලව බලා හිදී.. පවන් රොදක සිහිලසින් මිදී.. පිණිකඳුලැලි කැට කඩා වැටේ.. ඇහෙන තුරා පෙම්වදන් අපේ.. සුසුමක් සුසුමට ලංකර රහසින් කියාදෙන්න ලංවී...ප්‍රේමය නම් මෙයැයි කියා... මේ පාළු සීත රාත්‍රියේ...

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs