Skip to content

Lyrics

සිංහල
මංගල්ලේ මල් හසරැල්ලේ මිහිරෙන් මත් වී රැඟුම් පා ආසිරි ගී වැල් ගයාලා මා හා එක්වෙලා ඇගේ සිහිනයයි ඔහුගේ ලෝකයයි එක්තැන් වීලා නව යුග දිවියට ආසිරි ගී... ගම්මානේ හිම කඳු රැල්ලේ ඇද හැලෙනා නිල් දිය ඇල්ලේ රැව් දෙන්නේ මංගල ජය ගී නාදේ මනාල කුමරා මේ සුභ නැකතින් වඩිනා හෝරාවේ ඇගේ දෑසේ සිනා මංගල්ලේ... රන් මාලින් ගෙල හැඩ වීලා සුදු සේලෙන් ගත සරසාලා පින්වන්තයි මනාල කුමරි හිනැහේ ඔබගේ දෑතින් ඇගේ මුදු සුරතේ රන් මුදු පැළඳු පැයේ දෙවිඳුන් ආසිරි ලබා මංගල්ලේ...

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs