Skip to content

Lyrics

සිංහල
මංගල නැකතේ චූටි නංගි මගේ පොරුව මත නැගිලා ලැජ්ජා හිතිලාද තරහා වෙලා වගේ අහක බලා ඉන්නේ බලන්න ලස්සන හොරෙන් බලන හැටි ආදර සිත් බැදිලා පුංචි සිනා ඇගේ මල් වැහි වස්සනවා ඉඳ හිට තරහා වෙලා බොරුවට සණ්ඩු කළා නැවතත් යාළු වෙලා සිටියා සැඟවිලා පාසල් ගිය කාලේ ගුරුතුම තලන වෙලේ ගලනා කඳුළු මගේ මතකයි අද වාගේ මංගල නැකතේ... නංගිව තනි කරලා පියමං මනිනු බලා රහසේ කඳුළු සලා සිටියා සිනාසිලා ලස්සන අද දවසේ මංගල ගීත ඇසේ අපි දෙන්නගේ දෑසේ සතුටු කඳුළු ගැවසේ මංගල නැකතේ...

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs