Skip to content

Lyrics

සිංහල
(මල් හසරැල් සැලෙන ලොවක් - දුල් රසුදැල් අසිරි සලා සොඳුරු ඉසව්වක් සිප් කතරක නෙත් දනවන - සිහින දනව්වක්... ) කතරක් මැද කොතැනක හෝ - කෙම් බිම් යළි හමුවෙනවා දුක් බර ගෙන යන ගමනේ - හසරැල්ලක් මුසු වෙනවා කදුළින් සරු වූ උයනේ - මිනිසත් කම් දළුලනවා මල් හසරැල් සැලෙන ලොවක් - දුල් රසුදැල් අසිරි සලා සොඳුරු ඉසව්වක් සිප් කතරක නෙත් දනවන - සිහින දනව්වක් සිත නෙත් ගති නැති දා ලෝ - කොතැනත් කතරක් වෙනවා හදවත් පිවිතුරු වූදා - නව කෙම් බිම් බිහි වෙනවා දෙසිතක් මුසු වූ දැහැනේ - දහසක් මල් පිබිදෙනවා මල් හසරැල් සැලෙන ලොවක් - දුල් රසුදැල් අසිරි සලා සොඳුරු ඉසව්වක් සිප් කතරක නෙත් දනවන - සිහින දනව්වක්

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs