Skip to content

Lyrics

සිංහල
දස මසක් කුසේ දරා නැති කමක් නොව ඔබ සිතුවේ කිසිදා ආදරයෙන් සතුටින් මව් පදවියේ කිරුලු දරා මට ජීවය දුන් මගේ අම්මා.... ලේ කිරි කරලා මට පෙව්වා මා දැතින් අල්ලාගෙන හරි මග පෙන්වා දුන්නා මට ඔවදන් දී මුලි ජීවිතයම එළිය කළා ඔබමයි පැතුවේ මගේ අම්මා.... මල් පිබිදෙයි හිරු නැගෙන තුරා සිත නොසලෙයි ඔබ ළඟ මේ දිවි තිබෙනා තුරා දුක් කරදර කොතරම් තිබුනද ඔබ හදෙහි දරා සිනහව පමණයි දුටුවේ සැමදා.... දස මසක්... මහ සුළඟක් ඇවිදින් අප ජීවිත බිඳ හෙලුවා පිය සෙනහස යලි නොඑනා අඳුරක සැඟව ගියා කිනි දූවිල්ලක් මැද ඔබ රහසේ කඳුළු සලා නොසැලෙයි නොහඬයි මගෙ අම්මා.... යහ ගුණ දී මග එළි කරලා දැල්වෙන පහනක් වී ඔබ ඒ මග එළිය කළා ඔබේ ආදරයෙන් නැලවී මා මේ ලොව දිනුවා දිගු කල් ජීවත් වී ඉන්න මගෙ අම්මා.... / ඔබමයි පැතුවේ මගේ අම්මා.... දිගු කල් ජීවත් වී ඉන්න මගෙ අම්මා....

More by Billy Fernando

View all songs by Billy Fernando →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...