Skip to content

Lyrics

සිංහල
ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මග ඇහිරූ ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින් මා එක්‌ක එනවාද චන්න කින්නරාවී මා එක්‌ක එනවාද චන්න කින්නරාවී රළු පොළොව මතින් දිවෙනා විඩාබර දිගු ගමනේ මෘදු සිනිඳු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවී මා එක්‌ක එනවාද චන්න කින්නරාවී ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මග ඇහිරූ ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින් මා එක්‌ක එනවාදෝ චන්න කින්නරාවී මා එක්‌ක එනවාදෝ චන්න කින්නරාවී සඳ නිවී ගිය රාත්‍රියේ තාරකා ගොළුව ඝන අඳුරේ ළය මතින් වැතිරී සොඳුරු හීනයට ඉඩදී හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවී හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවී හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවී හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවී

More by Bachi Susan

View all songs by Bachi Susan →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...