Skip to content

Lyrics

සිංහල
සිකුරා නළල් තලේ සිඹිනා ලෙසින්ම හිනැහේවි අඹරා නීල වරල සිඛිපිළ සේම දෙපස සලාවී මොණරා නෙවෙයි දෙවියනි ඒ මේ ලන්දේ දේවතාවි.... දර බිඳ පතන කැලේ දාදිය මුතු නළලේ බඳිවී කිණිහිරි මල් කඩලා ගෙල පළඳා හැඩ වැඩ වේවි මයුරා වන්නමක්ද නොදැනේ කියාපන්න දේවතාවි.... සිකුරා නළල් තලේ...../ ඉරිදා පොළට ඇවිත් දරමිටි විකුණනකොට හිනාවී මිල නෑ මනුස්සකම් සත පහ දහය දෙට්ටු කරාවි නුඹලා මේ තරම්ම දුප්පත් ඇයි කියපන් දේවතාවි.... සිකුරා නළල් තලේ...../

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs