Skip to content

Lyrics

සිංහල
සඳ සේ නිලම්බරේ පායා ආ පාවී ඔබ ආවෙ නැති දවසම පාළුයි තරහක් නෑ මං ආයේ හිත රිදවන්නෙපා ආදරේ සඳ සේ නිලම්බරේ අප යන එන තැන මල් උයනේ හිඳි පාරාදීසේ පෙම්වත්තු ඇස නොම දුටු දා උන් විමසනවා නුම කොහිදෝ හිත අරගත්තු නපුරු වෙලා හිත නම් පට බැන්දට අමනාපෙන්වත්දෝ හිත රිදවන්නෙපා ආදරේ සඳ සේ නිලම්බරේ... ඉස්සර පෙම් හිත කවි ගී උල්පත ඔබ ළඟ නැතිවත් තව එහෙමයි පෙම් කල හදවත වාවන්නේ නෑ ප්‍රේමයෙ සැමරුම් හිත රිදවයි කඳුළු කතාවට පර මල් උයනට වසන්තයක් වේදෝ හිත රිදවන්නෙපා ආදරේ සඳ සේ නිලම්බරේ පායා ආ පාවී ඔබ ආවෙ නැති දවසම පාළුයි තරහක් නෑ මං ආයේ හිත රිදවන්නෙපා ආදරේ සඳ සේ නිලම්බරේ සඳ සේ නිලම්බරේ

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs