Skip to content

Lyrics

සිංහල
(මගේ දරු පැටවූ අහසට දෑත දිගු කරන් අම්මා එයි කියා ගමටම හඬ තලයි වැරෙන් සින්නවෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින් යන්න නුඹ ගියා උගසට දරු සෙනෙහෙ අරන්... ) (ඇහැල මල් පිපුණු දෙවැටෙදි හමුවෙලා එදා දුන්නු බහ නිසා නුඹටත් දුක උරුම උනා... ) අහස් යන්තරේ ගේ පැළ පසු කරන් ගියා පුංචි උන් අඬයි අම්මා බැස්සේ නැහැ කියා මගේ දරු පැටවූ අහසට.... (කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩියි කියයි නින්ද නෑ කියයි මගේ කවි තාලේ නෑ කියයි... ) මටත් නින්ද නෑ සිත නුඹ ගැනම ගතු කියයි හඬන සිත නිවන මල් පැණි නැතිව බැරි හැඩයි මගේ දරු පැටවූ අහසට....

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs