Skip to content

Lyrics

සිංහල
ලැබුනත් නෙත් යුග දහසක උරුමේ මට මදි මුලු සන්සාර යුගේ ඔබව බලා ගන්නට අම්මේ ඉර හඳ පතුරන එලියට වැඩියෙන් ඔබ මට හරි එලියයි අම්මේ දහසක් නෙත් මට මදි අම්මේ ඔබව බලා ගන්නට අම්මේ ලේ කිරි කරලා අම්මත් මා දුක් පෙව්වද නැත්තම් ඊට වඩා ඉර හඳ දරු සෙනෙහසට යටත්කොට දියකර පෙව්වද සේද වලා දස මාසේ කුසෙහි මා දරලා ඉසිලූ බර තව ඔබට මදී දරු සෙනෙහස මතු බුදු කරවන්නට මව් පදවිය ඔබ ලබන ලදී

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs