Skip to content

Lyrics

සිංහල
රාත්‍රිය උවමනා කර තිබේ නිදන්නට නොව ලොවින් සැඟවෙන්න කණා මැදිරියනි එපා ගෙට එන්න රාත්‍රිය උවමනා කර තිබේ වැළපෙන්න... එකට ආ මාවතේ ළං ළං ව රැඳුනු ඇඳුනු සිවු පිය ලකුණු එක පෙළට දෙමගකට හැරුණු හැටි දැනගන්න රාත්‍රිය උවමනා කර තිබේ වැළපෙන්න... නිසල තුරු මානයේ මල් මල් අතර පිරූ පිරූ පෙම් ගී සොඳුරු මුණු මුණු ව ගොළුවතට හැරුණු හැටි දැනගන්න රාත්‍රිය උවමනා කර තිබේ වැළපෙන්න... රාත්‍රිය උවමනා කර තිබේ නිදන්නට නොව ලොවින් සැඟවෙන්න...

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs