Skip to content

Lyrics

සිංහල
(මල් පිට මල් හැලෙන දිගු මාවතේ පිය මත පිය තබමින් හිනැහෙන නුඹේ ඉගි නළුවට වශි වී අත්තල නගයි තුරුපත් පවා... ) අත්තල නගයි තුරුපත් පවා දිය පිට දියරැලි නගන ගං දියේ සැඩ රළ මතින් ඔරුවක නැගී එතෙරට යනු දැක ඔබයි මමයි (සැඩ නල පවා හමන හැටි පුදුමයි... ) මල් පිට මල් හැලෙන දිගු මාවතේ පිය මත පිය තබමින් හිනැහෙන නුඹේ ඉගි නළුවට වශි වී අත්තල නගයි තුරුපත් පවා අත්තල නගයි තුරුපත් පවා වැහි පිට වැහි හැලෙන රාත්‍රියේ උණුහුම් වෙමින් තුරුලත වෙලී මුදු රස විඳින සඳ ඔබයි මමයි (හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි... ) මල් පිට මල් හැලෙන දිගු මාවතේ පිය මත පිය තබමින් හිනැහෙන නුඹේ ඉගි නළුවට වශි වී අත්තල නගයි තුරුපත් පවා අත්තල නගයි තුරුපත් පවා

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs