Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : ආදරණීය කතාවක් (2016) මා නොගැයු ගීතේ හැබැහින් මා ගයන්නේ රෑ පිපුණු කඳුලේ සිසිලයි හද පුරන්නේ මාගේ සිතේ සෝ සුසුම් පිසලනා අරුතක් තිබේ සැනසෙනා මා නොගැයු ගීතේ හැබහින් මා විඳින්නේ රෑ පාළු අහසේ සඳටයි තනි රකින්නේ මා හද මැවූ ඒ පැතුම් පුබුදනා ගඟුලක් තිබේ නොසිඳෙනා..... ලා.. ලා.. ලා.. හා.. හා.. හා.. ලා.. ලා.. ලා.. හා.. හා.. හා.. කඳුළ කටු ගෑ නිහඬ කවියේ මියුරු තනුවක් මැවේ තනිය ඉකිලන නුහුරු ගමනේ සුන්දර අත්වැල් බැඳේ හිස් අහසේ මන බඳින පද කල්පනා සිත් යායේ මුමුණන්න ගීයක් වෙලා දෙසිතක හැඟුම් මුසුවෙනා මා නොගැයු ගීතේ හැබැහින් මා ගයන්නේ.... මා නොගැයු ගීතේ හැබහින් මා විඳින්නේ....

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs