Skip to content

Lyrics

සිංහල
ඇසිපිය සලන නිසා දැන ගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා කඳුළැලි වැටෙන නිසා දැන ගත්තා ඔබ හිත් ආකාසය වගෙයි කියා මගෙ ලොව දිළිඳු නිසා විඳ ගත්තා හැම රන් යහනා සිහිනයක් කියා ඒ වුණාට ඔබ ඇසිපිය සලමින් සැඟවුණු මගේ ආදරයෙන් ඇසිපිය සැලුවා ඒ වගේම ඔබ කඳුළැලි සලමින් නොහැඬූ මගේ යුග දෑසත් බොඳ කර දැමුවා දැන ගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා විඳ ගත්තා හැම රන් යහනා සිහිනයක් කියා ආදරේට ලොව සීමා නොහැ‍‍ඟෙයි පොළොවේ සිටි මා ඔබෙ අහසේ රැගෙන ගියා ඒ වගේම ඔබ අහසත් ‍පොළොවත් මේ හැටි දුර බව මා හට හඳුනා දුන්නා දැන ගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා විඳ ගත්තා හැම රන් යහනා සිහිනයක් කියා ඇසිපිය සලන නිසා....

More by Ajith Bandara

View all songs by Ajith Bandara →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...