Skip to content

Lyrics

සිංහල
අන්දකාරෙන් දුරාතීතේ අන්දකාරෙට අනාගතයේ රැගෙනයාමට කතා පුවතක් අන්දකාරේ සිට කියන්නේ බොහෝ දේ සිදුවූ අතීතේ වැළලිලා ඇත අන්දකාරේ පොළෝ පස් යට උනුන් කඳුලැලි ලෙයත් දහදිය එකට මුසුවී... පොළෝ තලයෙන් වැසුනු බිජුවට නැගී එන සේ දිනෙක පසුකල අතීතේ සැඟවුනු කඳුලු බිඳු ලෙයත් දහදිය මද සිනා රැළි අන්දකාරෙන් දුරාතීතේ නැගී යලි එක්වේය අප හා අපේ කඳුලැලි ලෙයත් දහදිය සමඟ මුසුවී ලෝ දහම සේ... අන්දකාරෙන් දහස් වසරෙක මෝහයෙන් තව දහස් වසරෙක මානයෙන් යළි පන්සියක් කල් වසා සැඟවූමුත් කුවේනිය අදත් ඇය අප දෙස බලන්නී හෙටත් යළි අප දෙස බලන්නී දුරාතීතේ අන්දකාරය මැදින් සිට එබිකම් කරන්නී... සදා ඇය අප හා සිටින්නී දොරින් දොර සැම තැන වෙසෙන්නී එදා හෙලු කඳුලුත් රුහිරු බිඳු සදා අප වෙනුවෙන් හෙලන්නී සදා කාලෙම ලොව පහල වූ සදා කාලෙම ලොව පහල වන කුවේනියමයි එකම ගැහැණිය එදා උපනත් අද උපන්නත්... ඇයයි දුක් පීඩා විඳින්නේ ඇයයි වද හිංසා දරන්නේ ඇයයි අවමානය ලබන්නේ ඇයයි යකිනිය නම් ලබන්නේ...

More by Wijerathne Warakagoda

View all songs by Wijerathne Warakagoda →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...