Skip to content

Lyrics

සිංහල
Thawa Tika Dohai Mase Anthima Wenna - Vijaya Kumarathunaga(ORIGINAL) තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න මගෙ රත්තරන් අම්මේ මං පඩි අරන් අද හෙට එනතුරු ගමට තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි උඹට වනන්තරේ මහ රූස්ස ගහ කොළ බිමට සමතලා කර අම්මේ රාස්සයින් වගෙ යන්ත්‍ර සූත්තර මහ සද්දෙන් යනවා අම්මේ සිමෙන්ති කළු ගල් ලොරි පිට පටවා වේල්ල බඳිනා හැටි අම්මේ බලාන ඉන්නට දවසක උඹවත් එක්කරගෙන එන්නම් අම්මේ බින්තැන්නේ මං දහ දුක් විඳලා මෙදා ගමට ආ දා අම්මේ උඹේ අතින් මගෙ දෑතේ කරගැට අතගාලා නාඬන් අම්මේ මහියංගණයේ හේවිසියේ හඬ හැන්ඳෑවට ඇහුනම අම්මේ සිල් අරගෙන නුඹ ඉන්නා තාලය අනේ මතක් වෙනවා අම්මේ වත්ත පහල පොල් අතු ඇහිදින්නට උදෙන්ම යන්න එපා අම්මේ උදේ රැයින් ඔය පිනි බාලා උඹ ලෙඩා දුකා වෙයි මගෙ අම්මේ ගිනි මද්දහනේ බැරි බැරි ගාතේ ගම්මැද්දේ නොගිහින් අම්මේ රැයක් නෑර මට හීනෙන් පෙනි පෙනි මං එනතුරු ඉඳහන් අම්මේ

More by Vijaya Kumarathunga

View all songs by Vijaya Kumarathunga →

Similar Songs