Skip to content

Lyrics

සිංහල
ඔබ නෙතු මා හා රන්දා මා සිතු ඔබ හා බන්දා ආදර හැඟුමන් හද තුල අතුරා ඇයි දැන් සැඟවෙන්නේ.... මා සිත රිදවන්නේ කාටත් දෙන ඔය නෙතේ කැළුම් සැමට පිදෙන ඔබෙ නුරා බැලුම් මුතු අතරින් එන මුකුළු සිනාවෝ ආදර සිත කලඹයි මා ආදර හද කලතයි ඔබ නෙතු..... සසර සැරිසරා සෙව් සිහිනේ පෙරුම් පුරාලා බැන්ද සෙනේ තලන්නෙපා අත හරින්නෙපා ආදර සිත ඇත්තයි මා ආදර හද සත්තයි ඔබ නෙතු........ (මා සිත රිදවන්නේ... )

More by Vijaya Kumarathunga

View all songs by Vijaya Kumarathunga →

Similar Songs