Skip to content

Lyrics

සිංහල
උන්නා එක ගංගාවක රන්වන් පුංචි මාළුවෝ උන් කී මේ කතන්දරේ අක්කේ දැන් අහන්නකො අක්කා වගේ රූපෙන් යස මල් මල් මුතු කුමාරිකා කැන්දන් යන්න ආවලු අහසේ හිරු කුමාරයා... ඒ කතන්දරේ හිරු කුමාරයා වාගේ කවුරු හෝ එයි අපේ දිහා රාජ තේජසින් අශ්වයා පිටින් ආවොතින් එයා මන් හඬාවී දෝ පුංචි නංගියා හඬවලා අනේ ඒ කුමාරයා එක්කලා ඉතින් අක්කා යන්න යාවි දෝ... මෙන්න මේ වගේ අක්කලා නිසා රෑට රෑට හෝ මල් පිපෙන්නේලු මුතු ලතා වගේ ඔය සිනා සලා ඒ පිපිච්ච මල් පර නොවේවිලු මෙන්න මේ වගේ නංගිලා නිසා අක්කලා ලොවේ වාසනාවියෝ හා.. හා.. වාසනාවියෝ...

More by Uresha Ravihari

View all songs by Uresha Ravihari →

Similar Songs