Skip to content

Lyrics

සිංහල
[ විභාගෙ විභාගේ එහෙ බැලුවත් විභාගේ මෙහෙ බැලුවත් විභාගේ විභාගේ තමයි අපේ අභාගේ ] විහිලුවකට හිනාවකට විනෝදෙකට වෙන වැඩකට නෑ වෙලාව විභාගේ එකේ ඉඳන් දොලහ දක්ව ලොකු පොඩි හැම පන්තියකම ඇතෙක් බරට විභාගේ ඉරක් හඳක් ගහක් කොළක් මනිස්සයෙක් පේන්නෙ නෑ ඔහු සැපදුක අහන්නෙ නෑ කන්නෙ බොන්නෙ අඳින්නෙ නෑ… විභාගේ... අම්ම තාත්ත අයිය අක්ක නංඟි මල්ලි විතරක්යැ නැන්ද මාමා බාප්ප මහප්ප යහළු යෙහෙළියො අහල පහල අය 'කොහොමද ළමයො විභාගේ?' 'තව සුමානෙකින් ප්‍රතිපල එයි' කොහොමද විභාගෙ ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල… බස් එකෙ කෝච්චියෙ පාරෙ තොටේ යන එන හැම තැන කොහොමද ප්‍රතිපල විභාග ප්‍රතිපල වසංගතේ… ඒ විතරක්යැ විද්‍යා විෂයද කලාවද කලාව කිව්වොත් මලා වගේ චී චී චී ලැජ්ජ නැද්ද අපේ එකෙක් කලාව කරන්න කව්ද උඹ දිහා බලන්නෙ? විද්‍යාව‍යි‍ ගනන් ගන්නෙ අඩු ගනනේ වාණිජවත් 'ඉතින් පුතේ නම්බුවක්නෙ පේල් උනත් විද්‍යාවෙ‍න්‍ විභාගෙ කොරල' විභාගෙ විභාගේ...

More by Unknown

Vera Veeriya

Unknown

Sindu

වෙර වීරිය ඇත්තේ සිතේ පියකරු බව ඇතත් වතේ දහදිය නොම හැලෙන ගතේ ඔබ පොළොවට බරකි පුතේ....

Thethragni (Petali Giya Divi Kathare)

Unknown

Sindu

පැටලී ගිය දිවි කතරේ සෙවණක් සොයමින් යන අතරේ නොතිබුණි නම් ඔබගේ සෙනෙහේ (මා තවමත් අඳ...

Sinhala Awurudu Kale Awilla

Unknown

Sindu

සිංහල අවුරුදු කාලේ ඇවිල්ලා සිත් වල එරබදු මල් පිපිලා සන්තෝසෙන් අප ඔබ කාගෙත් මුව ප...

Siri Lanka Pure Me

Unknown

Sindu

සිරිලංකපුරේ මේ බෝ ඈත පුරාණේ සිට නා නා දේසේ පරසිද්ද වූ නාටක කෝලම් රංග මේ දක්වම්.....

Sagare Wage Syllabus (A Level Movie)

Unknown

Sindu

සාගරේ වගේ සිලබස් පතරංගේ වගේ රිවිෂන් ඉවරයක් නැතුව පැවරුම් මේ සේරම මැද්දේ පොඩි වලක...

Saba Moona Hangagena

Unknown

Baila

සැබෑ මූණ හංගාගෙන මූණු බැඳන් රෑ අඳුරේ නටන නැටුම් කවදා හෝ නටන්න වෙනවා එළියේ...

View all songs by Unknown →

Similar Songs