Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: නෑදැයෝ (1976) (සැනසුම් සුසුමන් පාවීලා - සඳකැන් වතුරෙන් නෑවීලා .. ) තරුමල් අතරින් රිංගාලා - කොහි යන්නද මා තනි කරලා සැනසුම් සුසුමන් පාවීලා - සඳකැන් වතුරෙන් නෑවීලා රෑ සඳපානේ සීතල පවනේ - නාමල් අරණේ ළා දළු සෙවනේ මා ළයකර ඔබගේ සුව යහනේ - ගෙවූ අතීතය මතකද මිහිරේ ගෙවූ අතීතය මතකද මිහිරේ... සැනසුම් සුසුමන් පාවීලා - සඳකැන් වතුරෙන් නෑවීලා තරුමල් අතරින් රිංගාලා - කොහි යන්නද මා තනි කරලා සැනසුම් සුසුමන් පාවීලා - සඳකැන් වතුරෙන් නෑවීලා දෑසට පෙනෙනා එකම රුවක් වෙයි - ඒ රුව මා නෙත් අංජනයයි ජීවන ගීතේ තනුව වයන්නම් - ඈ එනතුරු මා තනි වීලා ඈ එනතුරු මා තනි වීලා සැනසුම් සුසුමන් පාවීලා - සඳකැන් වතුරෙන් නෑවීලා තරුමල් අතරින් රිංගාලා - කොහි යන්නද මා තනි කරලා සැනසුම් සුසුමන් පාවීලා - සඳකැන් වතුරෙන් නෑවීලා

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs