Skip to content

Lyrics

සිංහල
මා වාගේ ලඟින් උන්..මා වාගේ... සිහිවේදෝ කෙනෙක් උන්..මා වාගේ... ආදරේ බැඳුනේ කවුදෝ මා..වාගේ... කොඳ මල් යහනේ සඳ කැළුමන් සේ රැඳුනේ... කාගේ හෝ මුසා බස් හින්ඳා ඈ... මා හා ඈ බිඳී ගියා වාගේ... මා සොයා එයිදෝ ඈ පෙර සිටියා..සේ... රැජිනක් නැති වූ රජ කුමරෙකි මා..ලෝකේ... රැජිනක් නැති වූ රජ කුමරෙකි මා..ලෝකේ... පෙරදා උදයේ ඈ මා අසලම වූයේ... ඊයේ වෙන දෑතක පැටලී උන්නේ... ලංවී තව කෙනෙකුන් හා පියවර මැන්නේ... හෙට රෑ කොහි නවතීදැයි නැහැ දන්නේ... පායාවී..සඳක් තව පායාවි... පීදේවී..කුසුම් තව පීදේවි... ආදරේ ඉල්ලා පෙරදා ඈ මාගේ... දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ... දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ... පායාවී..සඳක් තව පායාවි... පීදේවී..කුසුම් තව පීදේවි... පායාවී..සඳක් තව පායාවි... පීදේවී..කුසුම් තව පීදේවි...

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs