Skip to content

Lyrics

සිංහල
(කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ..... ) කෝකිල කූජනය නැගේ ලියගොමු අතරේ මධුර වසන්තේ....... (කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ..... ) (රේණු සැලේ වැලි තලේ පෙති ගිලිහී දිය වැලේ.... ) ගඟබඩ තුරු වදුල තුලේ කුරුළු ගී ඇසේ මධුර වසන්තේ....... (කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ..... ) (ගම්මානය කෙළවරේ පන්සල් බිම් බෝ රුකේ..... ) සිලි සිලි ගා කොළ නැටවේ සම්බුදු මිහිරේ මධුර වසන්තේ....... (කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ..... ) අඹ මල් පොකුරට වෙලා ලේනෙකු ටිං ටිං කියා මධු රස ගී ගය ගයා අමරස වින්දේ මධුර වසන්තේ....... කුසුම් පිපී තුරු මතේ.....

More by Somathilaka Jayamaha

View all songs by Somathilaka Jayamaha →

Similar Songs