Skip to content

Lyrics

සිංහල
ඔසවා යන සේ පැටවුන් රාජාලියා උගේ පියාපත් මත තබා මතු ඔබේ දිවිය පුරා ගෙන යමි මම ඔබ කෙරෙහි බලා විමසා මා හදවත සාමයෙන් සපිරේ ඔබ අත පැවතී මේ දිවිය පුරා මා ආ ඔබ සුරැකි දෑත් ඇත්තේ වට කොට මා මම ඔබ ගැන තිර ලෙස සිටිනෙමි අදහා ඔසවා යන සේ... ඔබ සුරැකි දෑත් අතරේ තබා නළවන බිළිඳෙකු මෙන් ආත්මේ මගේ ඔබ ගෙන යා ඇත දිගු කලක් පුරා මා සොම්නස හා දොම්නස මුසු දිවි ගමනේ ඔසවා යන සේ... දිස්වෙයි හද මැද දුබලකම් මගේ දිවි ගමනේ පරාජය දැනේ මට දැනේ ඔබ සෙමින් නැගිටුවා මා එසවූයේ නොමග දිවි මගේ හැපී සිටි මා ඔසවා යන සේ...

More by Sinhala Hymn

View all songs by Sinhala Hymn →

Similar Songs